කවුළුවෙන් එපිට පිට නොපෙනන තරම් වැස්ස ය.ඒ ශබ්දය,අඳුර එකතු වී කැඩී බිඳී ගිය මා එකතුකර අලවමින් සිටිනවා වැනි හැඟීමකි.ඇතැම් විට ඒ මා වර්ෂාව ට කැමති නිසා විය යුතු ය.
නමුත් ඇය ? ඈ සිටියේ කවුළුව අසල ය.වැස්ස ඇයව දැහැන්ගත කල බවකි.නමුත් ඈ වැස්සට අකමැති බව මා හොඳින් දැන සිටියෙමි.මාගේ කමිසයට ඇය ඉතා හැඩ බව මා පවසන්නට ප්‍රථම මුවින් පිට වූයේ ,
"වැස්සට කැමති හිතිල වගේ නේද ?"
"සමහර වෙලාවට අකමැති දේවල් දිහා බලන් ඉන්න වෙනව කැමැත්තෙන් වගේ.."
ඈ පැවසුයේ මා දෙසවත් නොබලා ය.
මා ප්‍රිය කළේම ඇගේ වාග් ප්‍රහාර වලට ය.ඇයව තවත් හොඳින් විඳගන්නට අවැසි නිසාවෙන් මම යහනේ අනෙක් ඇලයට හැරුනෙමි.
"ඉතින් අකමැති නම් මොකද බලන් ඉන්නෙ ?ඈත් නොවී.."
මම ඇසුවෙමි.
"මිනිස්සු ජීවිත කාලෙම කරන්නෙ මේ දේ නෙමේද බසූ.............?ඔයා හිතනවද මිනිස්සු නිතරම ගැවසෙන්නෙ තමන් කැමති දේ එක්ක කියල ?"
වෙනදා මෙන්ම ප්‍රශ්නයකට තවත් ප්‍රශ්නාර්ථයකින් පිළිතුරු ය..
"ඔයත් මෙච්චර කල් කලේ ඒකනෙ.."
ඈ එසේ පවසා නැවත වර්ෂාවට දැහැන්ගත ය.
ඇගේ කතාව මා නැවත අතීතයට පැහැරගෙන ගියා වැනි හැඟීමකි.මාගේ අවුරුදු දහයක විවාහ ජීවිතයේ ත්‍රීව්‍ර දෑ'හි දසුන් පෙළක් එකදිගට මැවී මැකී ගියේ ක්ෂනයකිනි.
මම නිහඬ වීමි.ඈ පුදුම ගැහැණියකි.ජීවිතයේ සියළු දුක්ඛයන් හි පැටලී සිටිද්දී හමු වූ හුස්ම ය ඈ ය.මා ප්‍රාණය නිරුද්ධ නොවන බවත් නැවත මා හට හුස්ම ගැනීමට හැකි බවත් ශපථ කලේ ඈ ය.හදවතේ අහු මුළු නෑර ඇවිදගිය සැනසීම ඈ ය.නොගැළපෙන විවාහයක හෙම්බත්ව සිටි මා සිනාවක මාංශගත කළේ ඈ ය.මා ඈට බොහෝ සෙයින් ආදරය කරමි.ඉක්මනින් කැඩෙන සුළු හිතක් ඇති මා ඈ වැන්නියක' සෘජු හදවතක් ඇතුලත රැකබලා ගත් ඈට මා ගෞරව කරමි.
"මොකෝ මැරීඩ් ලයිෆ් එකේ රවුමක් යනගමන් ද?"
මෙවර ඈ මා දෙස කුඩා සිනවකින් බලා සිටියා ය.ඈ එහෙම ය.ඈ සම්පූර්ණයෙන් ම මා කියවා අවසන් ය.කුඩාවට රිදවන්නී ඈය.සනසන්නී ද ඈ ය.ඒ සැනසීමටත් රිදවීමටත් මා ආදරේ බව ඈ හොඳින් දන්නී ය.
"මකන්න අමාරු තැන් තියෙනව බසූ.ඒත් ඒකෙ පරපෝශිතයෙක් වෙන්න එපා.ගැහැණිය සහ ආදරේ කියන තැනදි පිරිමි බොළඳයි."
ඒ ඈ ය.
"ගැහැණිය කියන්නේ මල් වැස්සක්නෙ කිසා.ඉතින් වැස්සක් ලඟ හිත බොළඳ වෙනව.
හා නැද්ද? "
ඈ වෙතට යාමට අවැසි නිසා මම යහනේ හිඳගනිමින් ඇසුවෙමි.
"නිකන් දෙකට කැඩෙන තර්ක දෙන්න එපා බසූ.ඔයා පොත් කරපු කවි වල වගේ ගෑණු බොළඳ නෑ.ගෑණියෙක් කියන්නෙ ලෝදිය වැස්සක්.ඔයාලට පුළුවන් එක්කො ඒකට පිච්චිලා විඳවන්න.නැත්තම් අලු වෙලා නිවෙන්න."
ඈ මටත් මගේ ලිවීම් වලටත් දරුණු වාග් ප්‍රාහාරයක් දමා ගැසුවා ය.
ඈ මාගේ ලිවීම් අකුරක් නෑර කියවන බව මම දනිමි.මා නිතර කවි කලේ ගැහැණියගේ බොළඳ කම හා චපල කම ය.ඒ බව ඈ මට පෙන්වා දුන්නත් මම මහා කවියෙක් ය යන මහන්තත්වය නිසාවෙන් මා එබවක් නිසා කවිය වෙනස් නොකළෙමි.සමාජයේ බොහෝ දෙනා මාගේ කවි වටිනාකමෙන් අගය කළත් මට ඈ ඉදිරියේ ඒ වටිනාකම නොලැබිණි.මා කවි කලේ මාගේ අතීතයේ ගැහැණුන් නිසා අහිමි වූ ජීවිතයේ කොටස ද, නැතහොත් සමාජයේ පවතින පුරුෂමූලිකත්වයේ මාන්නය දැ'යි මට ලිහා ගැන්මට නොහැකිව උනිමි.
"ඔව් එක අතකට ලෝදිය වැස්සක් නේන්නම්.නැත්තම් ඉතින් ඒව ඇපල් ගෙඩිය නොකා උන්න නම් ආදම්ල විඳවයි ද.අදටත් ආදම්ල පිච්චි පිච්චි ඉන්නෙ ඒවලගෙ වැරදි නිසානෙ."
මම වුන් ඉරියව්වෙන්ම පැවසුවෙමි..
ඈ සම්පූර්ණයෙන්ම මා දිශාවට හැරුනා ය.ලෝදිය කෙසේ නමුත් ඈ ගත නම් මා දහස්වර මා දවා අළු කරන සෙයකි.එබව පවසන්නට ඈ ඉඩ නොදුන්නා ය.
"ඒව සර්පයගෙ ඔලුව පොඩිකරල දාල ඇපල් ගෙඩිය නොකා හිටිය නම් අද මෙතන ඔයාට මේ මොහොත නෑ.ඒක ඔයාට ලැබුනෙ ඒව ගෙ වැරැද්ද නිසා.ඔයාගෙ වචනෙන් කොටින්ම ඔයාට ඔයාවත් මේ ගෙවන මොහොතත් ලැබුනේ ලෝකෙ පළවෙනි ගෑණිගෙ වැරැද්ද නිසා ."
එසේ පවසා ඈ නැවත කවුළුවෙන් පිට බලාගත්තා ය.
මාගෙ ලිවීම්, සිතුවිළි,තර්ක ඈ අසල නිතර බිම වැටී බිඳී ගියේ මෙලෙස ය.ඈ අසල මා ඉගෙන ගැන්මට බොහෝ දේ ය.ජීවිතයේ මුල් බැසගත් රාමු කඩා විසිරෙන්නේ ඈ ලඟ ය.ඇත්තය..ගැහැණිය අසල සියල්ල පරාදය.ඈව නිසිව දරන්නට අපහසු පිරිමියා ඈ අහිමිකරගෙන ඈට චපලකමේ ලාංඡනය අලවන සමාජයේම අතකොළු වූ මමද එයින් එකෙක් බව හිසින් පටන් ගත් හිරිවැටීමක් සමඟ පසක් වුනි.
"ඒවට තිබුනෙ මෙලෝ දෙයක් නොදන්න ආදම් එක්ක ඉන්නෙ නැතුව හැමදේම දන්න සර්පයට කැමති වෙන්න ද?" මම අසමින් යහනෙන් නැගිට ඈ අසලට ගියෙමි.
මේ අලුත් වර්ණ ගැන්වීමට මා කැමති ය..ඈ පිට කරන කිසිදු වචනයක් හිස් නැත.ඈ අසල මමද කිසි විටෙක හිස් නැත.මා ඇගේ බඳ වටා යමින් ඈව තුරුළු කර ගතිමි.
"සර්පය ට වෙලා ගන්න හැකියාව වගේම විස දළකුත් තියෙනව බසූ.ඉතින් විස දළ දැක්ක ගමන් ගෑණු සර්පයගෙ ඔලුව පොඩි කරල දානව.."
ඈ කීවා ය.
"සර්පයව අමතක කරන්න කිසා.ඔයා කැමති නැද්ද මේ වෙලාවේ ශෘංගාරයට කෙටි පාරක් හොයාගන්න.."මා ඇගේ ගෙලට සිරවෙමින් ඇසුවෙමි.
ඇය මා දෙසට හැරී මගේ මුහුණ ඈ දෙසට ළං කරගත්තා ය.
"බාසුක..,ශෘංගාරයේ කෙටි පාරවල් හොයන්න හදන්න එපා.ඔයාට ආදරේ මඟ ඇරෙයි..
ජීවිතේ හැම දේටම කෙටි පාරවල් හොයන මිනිහට එයා හොයන දේ අනෙක් පැත්ත මග ඇරෙනව..."
ඇය පැවසුවා ය.....!!